Friday, December 19, 2008

සුනන්ද ගින්දර කෑවාද?

විස්වාශ කොරන්නත් අමාරුය් බොලං මේ කතාව? සුනන්ද උන්නැහැ එච්චර මෝඩ වැඩක් කොරය්ද? ජාතියේ මුර දේවතාවෙක් වගේ නොවැ හිටියේ.... අනේ මංදා. තව ටිකක් බලමු මොකුත් ලියන්න ඉස්සර...

Tuesday, November 4, 2008

ඔබාමා, සෙල්ලංද කොල්ලෝ?

























ඔබාමා. ඔන්න අමාරුම ටික ඉවරයි. හැබැයි ඉතුරු ටික ලේසියි කියලා හිතන්නත් එපා. උඹ වගේම වැඩක් කොරන්න බලාගෙන ආපු ලිංකොං ගොය්යටයි, කෙනඩි ගොය්යටයි උන දේ මතකනේ? අනිත් එක, අද උඹට ඔතෙන්ට එන්න පාර කපපු මාටිං ලුතර් කිං ගොය්යටත් යහතිං ඉන්න දුන්නේ නෑ. උඹ පරිස්සං වෙයං. උඹ තාම හිරිමල් ගැටයා. ඔය මොනිකලා වගේ කෙලිච්චියෝ පව්ඩර් ගාගෙන ඇවිත් උඹට එව්ව මෙව්වා කරලා දැලේ දාගන්න බලයි. ඒත් ඇහැක් ඇරලා බලන්න එපා ඒ දිහා. මෙච්චර කාලයක් උඹට දුකේදි සැපේදි හිටියේ මිචෙල් කෙල්ලයි අර හුරතල් දෝනියන්දලා දෙන්නයි අමතක කොරන්න එපා. අපිට උඹ වටිනවා.

Monday, October 6, 2008

මේජර් ජෙනරල් ජානක පෙරේරා සහ නිකංම නිකං ජානක පෙරේරා

මංනං හිතුවේ රණවිරු ජානක පෙරේරා ගැන මිනිස්සු මීට වඩ කතා කරයි, දුක් වෙය් කියලා. ඒත් කවුරුවත් ගනං ගන්නේවත් නෑ වගේ උන්නැහැ. ඇයි එහෙම උනේ? අඩුම තරමිං බ්ලොග් කාරයොවත් එච්චර ලිව්වේ නෑ නොවැ. තව ටිකක් ලියවෙයි එන ඉරිදා පත්තරවල. ඊට පස්සේ අමතක කරලා දායි. මගේ නං පපුව හෝස් ගාල ගියා එතුමා මැරුනා කිව්වම.

Thursday, October 2, 2008

මිහිං එයාර්

ඔන්න යූ ඇං පී එකත් යන්තම් එක මොලේ ඇති වැඩක් කරන්න යනවා. මිහිං එයාර් කෝලමට එරෙහිව උසාවි යනවලු. තිස්ස අත්තනඇටනායකගේ බොරු මාද්ය සාකච්චායි, බොරු පෙස්සං අස්සං කොරන එකයි, පොලේ යන එකයි, හෝං ගහන එකයි නවත්තලා මුල ඉඳංම අලුක්කඩේ පැත්තේ කරග්ගැහුවනං මේ වෙනකොටත් ගොඩක් දේවල් බේරුං කරගෙන.

මහ බැංකුව

ඔක්කොම වැඩ වැරදුනාට පස්සේ මහ බැංකුවට බනිනවා. සක්විති ගොය්යා ළඟ ලක්ෂ ගනන් දාලා දැං කාටවත් බැනලා වැඩක් තියෙනවද? හොර චිත්තරපට නිෂ්පාදකලා ගෑනු දරුවංව අනාත කරන්නෙත් පත්තරවල දැන්වෙම් දාලා බොරු ඉන්ටව් කරලා නෙවද? සක්විතිත් ඉතිං පත්තරේ දැම්මා කියලම ඇය් විශ්වාස කරන්නේ? රුපියල් 1000ක් 2000ක් නං කමක් නෑ. ලක්ෂ 10 - 20 දාද්දි හොයලා බලන්නෙ නැද්ද මෙව්වා හොර පොට්ද නැද්ද කියලා. ඔන්න ඔය සල්ලි අපෙය් බදු මුදල් වලින් පියවන්න ගියොත් අපිත් උසාවි යනවා. මෝඩකමට බෙහෙත් නෑ. මේ සැරේ රැවටුන අය ඊලඟ සැරෙත් රැවටෙනවා.

Thursday, September 25, 2008

බාන්ඩාගාර ලේකම් ජොබ් එකට සුදුසුම කෙනා

  1. ඇඩ්ඩිං ආරියදාස
  2. රවී වෙට්ටපිත්තලසිංහ
  3. සක්විති රණසිංහ
බාන්ඩාගාර ලේකම් ජොබ් එකට සුදුසුම කෙනා මේ තුං දෙනාගෙං ඔනෙම කෙනෙක් වෙන්න පුලුවං. තවත් සුදුසු අය ඉන්නවනං ලියලා එව්වොත් සංපූර්ණ ලිස්ට් එකම දාන්නං.

Wednesday, September 24, 2008

ඇඩ්ඩිං ආරියදාස

ඇඩ්ඩිං ආරියදාස උන්නැහේ මාටියා රනසිංහව එන්ඩෝස් කොරලා තියෙන්නේ ජනතා සේවෙට කියන්නේ. ගත්තේ පුංචි රුපියල් ලක්ෂයක් විතරලු මාසෙකට. පව් අප්පා. දැං සක්විති කාරයගේ ගැට වලට අහුවුන ඈයෝ ඇඩ්ඩිං ආරියදාසගේ මවුතුමිය මතක්කරනවලු. ඇවිදින පුස්තකාලයක් වූ ඇඩ්ඩිං ආරියදාසට සක්විතිගේ ගැට නොතේරුනා කියනවනං බොරු. උන්දැත් නහින දෙහින කාලේ කීයක් හරි හොයාගන්න බැලුවා මිසක් වෙන මොකුත් ගැන හිතුවේ නෑ වගේ. මමනං කියන්නේ හොඳ වැඩේ ජනතාවට කියලා. මේ වගේ හොරු ලඟ ආයොජනය කොරනවා කියන්නේ හරියට නරියට කුකුල්ලු බාරදෙනව වගේ වැඩක් කියලා තේරෙන්නෙ නැද්ද මං අහන්නේ.

Monday, September 22, 2008

මම මාටියා ගැසීමටම උපන්නෙමි - සක්විති සර්

ඉගැන්වීමටම උපන් සක්විති සර් කාරයා ජනතාවගේ කෝටි 500කුත් අරන් රට පැනලා කියලා ආරන්චියි. හොඳ වැඩේ ජනතාවට. මේ වගේ හොරුන්ව විශ්වාස කොරනවට. මංනං දැනගත්තා ඔය යෝදයගේ පලවෙනි ඇඩ්ඩටීස්මන්ට් එකෙන්ම.
එතකොට මාටියා සක්විතිව එන්ඩෝස් කොරපු ඇඩ්ඩිං ආරියදාස උන්නැහැ දැං කොහොමද පාරේ බැහැලා යන්නේ රෙදිත් ඇඳගෙන?

අපේ රටේ ඉන්න ගොං රැලත් මේ වගේ කයිරාටිකයන්ට රැවටිල හැදෙන එවුනුත් නෙවෙයි ඕං. සිය පාරක් උනත් එකාටම රැවටෙයි.

Sunday, September 21, 2008

චතුර්වේදි පැංචා



මම කොටුවේ ඉස්ටේසම ඉස්සරහා උන්නා බස් එකක් එනකල්. එතකොට ඇහුනේ නැතෑ කිෂෝර් කුමාර්ගේ ඒ කාලේ හුරු පුරුදු සිංදුවක් කොලු පැංචෙක්ගෙ හඬින්. කොහෙන්ද හඬ ආවේ කියල බලද්දි මිනිස්සු රංචුවක්ම ටී වී එකක් ඉස්සරහ හරියට කිරිකොට් මැච් එකක් බලනව වගේ බලනවා. ලං කරලා බැලින්නම් මේ සිංදුව කියන්නේ ඉංදියාවේ කොලු පැංචෙක් නෙව. මගේ අප්පේ සිරියාව මූනේ තියෙන. දෙනෝදාහක් ඉස්සරහා සිංදු කියනවා ලොකු මිනිහෙක් වගේ. මමත් ඉතිං බස් එකත් පහු වෙනකල් බලං හිටියා කොලු පැංචගෙ හපංකං. අනේ වාසනාවං. පස්සේ තමයි දැක්කෙ මුලු කොටුව පිටකොටුව පුරාම ඒ පැංචාගෙයි තව ඒ වගේම දස්ස පැංචො පැංචියංගේ සිංදු හැමතැනම දාල තියෙන බව. බස් කාරයොත් බස් නවත්තාගෙන බලනවා. කොංදොස්තරලාට ටිකට් කඩන්න අමතක වෙනවා. සීඩීත් හරි හරියට විකිනෙනවා. මමත් එකක් ගත්තා ඉතිං අපේ මුනුබුරාගේ කොම්පියුටරයට දාල බලන්න.

Thursday, September 18, 2008

කෝලං

අර ජයසුන්දර කාරයා ඉතුරුවෙලා තිබ්බ නංබුව තියාගෙන යන්න හදනකොට කුරක්කං උන්නැහැ යන්න දුන්නෙ නෑ. අංතිමට ජයසුන්දර කාරයා ගියෙ බලුවෙලා. අනේ මංදා. කුරක්කං උන්නැහැටත් ටිකක් වයර් මාරුවෙලා වගේ දැං. මිනිස්සුනං ඉතිං ඉඳියි යුද්දෙ ඉවරවෙනකල්. ඊට පස්සෙ උන්දැව ගෙදර යවයි මෙහෙම කෝලං කොලොත්නං.

Wednesday, September 3, 2008

මරවින් ආචාරියාට නිසිතැන














මරවින් ආචාරියාට නිසිතැන දුන්නෙ නෑ කියලනෙ ඔය රූප පෙට්ටියටත් කඩාගෙන වැදිලා ලොකු කලබැගෑනියක් කොලේ. හැබැයි ආචාරියාට නිසිම තැන දීලා තියෙනව ඕං ලංකාදීපෙ පියල් උදය ස්මරවීර උන්නැහැ. උන්නැහැ විතරයි ආචාරියා නියමෙටම අඳින්නෙ ඕං.

Tuesday, September 2, 2008

ලාෆුත් ගෑස් පෙන්නයි. හොඳ වැඩේ ජනතාවට

බෝදිසත්තයා වගේ ඉඳලා ඉඳලා, ලාෆ් කාරයත් වැඩි කොලා නොවැ ගෑස්. අනේ මංදා. ආයෙත් ගෑනුංට අලු ගාගෙන ලිබ්බොක්කෙ තපින්න වෙයි ඕං. මෙහෙමෙ ගියොත්නං.

ඕං බලාපල්ලා කුරක්කං උන්නැහැගේ දෑත් සත්තිමත් කොරන හැටි

Sunday, August 31, 2008

ගෑස් රුපියල් 126කින් වැඩිවෙයි. හොඳ වැඩේ ජනතාවට

දැං ඉතිං අද රෑට සිරසෙං "ජනතාවගෙං" තුං දෙනෙක් ඉන්ටව් කොරලා කියවයි ජනතා විරෝධී නාස්තිකාර ආංඩුව බඩු මිල උඩ අරිනවා කියලා. ආංඩුවේ රූපවාහිනියෙනුත් ඒකම කොරයි "ජනතාවගෙං" තුං දෙනෙක් ඉන්ටව් කොරලා "මේ අවස්තාවේ නියත ජයග්‍රහනයක් කරා යුද්ධය සාර්තකව මෙහෙයවන නිසා මේ වගේ සුලු අපහසුතාවයක් විඳින එක කජ්ජක් නෙවෙයි" කියලත්. හොහ් හොහ් හොහ් ... හොඳ වැඩේ ජනතාවට.

Saturday, August 30, 2008

එස්සජ්ජාතික පස්සෙට හොඳම ලොකුතැන තෝරපල්ලා

මේ දවස්සොල ඉතිං එස්සජ්ජාතික පස්සෙ ලොකු තැන වෙනස්කොරගන්න ඔනැ කියලා සමහරු කියන නිසාම ඕං අපිත් ඉතිං ඒකට ඔඹලගේ මතේ මොකද්ද කියලා බලන්න හිතුවා. මේ ලැයිස්තුව බලල හොඳ කෙනෙක් ඉන්නවනං ඉස්සරහිං ඔබන එකයි ඇත්තෙ. පස්සෙ ඇතුලෙම හරිහමං ඇත්තො නැති හංදා පිටිනුත් ඈයො දැම්මා ඕං. වැලේ වැල් නැති උදවියනේ ඉතිං. ඔන්න නං හිංගල හෝඩියේ ආකාරෙට දාල තියෙන්නේ. කාටවත් ඇඟෑලුං කං පෑව කියලා එහෙම කියනව නෙවෙයි ඕං.

ඇස්. බී.
උඩුවේ උන්නාංසේ
ජොංස්ටොං මදාවියා
මංගොල ගොය්යා
රනිල් නොදරුවා
රුක්මොං උන්නැහැ
රෝසි කෙල්ල
සජිත් කොලූ

මෙහෙත් එහෙමද? එහෙත් එහෙමයි!

චංද දිනාගන්න දන්න දහන් ගැට ඔක්කොම ගහන්නේ මෙහෙ විතරයි කියලනේ බොලං අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ. දැං බලාපුවහම ඇමරිකාවෙත් මෙහෙ වාගෙමනේ. ඔබාමා කොලුවා ඉතිං රනිල් වගේම මෝඩ නැති උනත් තවම නොදරුවානේ දේසපාලනේ. ඒ හින්දා ඉතිං ඒ දරුවා තමුංට වඩා කාරනා කාරනා තේරෙන දැනමුතුකං ගන්න පුලුහං ජෝ බිඩෙං වගේ කෙනෙක් තමුංගේ දෙවෙනියා කොරගත්තු එක සාදාරනයි ඕං. ඒත් මං බැලුවෙ මේ කාරනා කාරනා තේරෙන ජෝං මැකේං ගොය්යත් තෝරගත්තෙ නැතැයි ඇහැට කනට පේන කෙලිච්චියක් උන්නැහැගේ දෙවෙනි තනතුරට. නෑ මං අහන්නෙ උන්දැලටත් මෙහෙ වගේම දිනන්න බැරි උනාම නලු බට්ටොයි, පැන්සොං ගිය හමුදා කාරයොයි දාගන්නැහේ වැඩ කොරන්න තරං බංකොලොත්වද්ද? නැත්තං බෙලෙක් තානාපති උන්නැහැ දුන්නද ටිප් එක මෙහෙ වෙන දේවල් බලලා?

ඕං මං කිව්වා. ජෝං ගොය්යට මේ සැරේ නං වෙන කාගේ චන්ද හම්බුනත් ගෙදර මාය්යගෙ චන්දෙනම් ලැබෙනව බොරු. එහෙනං.

Wednesday, August 27, 2008

හිලරි නෝනයි - ඔබාමා කොලුවයි

හිලරි නෝනයි ඔබාමා කොලුවයි ගහ ගත්තු ගහ ගැනිල්ලට මංනං හිතුවේ ඉතිං ආයේ පාරෙ තොටේදි හම්බුනත් මූන බලන්නැතිවෙයි කියලා දෙන්නට දෙන්නා. ඒත් දැං ඔබාමා කොලූ දිනවන්න හිලරි නෝනා හරි හරියට මාංසි වෙන හැටි දැක්කම මගේ ඇස්සොලට කඳුලුත් ආවා ඕං. ඔබාමගේ ඉස්ටේජ් එකට නැගලා, හිලරි ලමයා අත උස්සලා ඇමරිකං ජනතාවට කියපු රඟේ කොහොමද පරන කුඩු කේඩුකං අමතක කොරලා රට වෙනුවෙං, පස්සෙ වෙනුවෙං ඔබාමා දිනවමු කියලා.

අනේ ඉතිං චන්ද්‍රිකා කෙල්ලත් ඔයවගේ කුරක්කං උන්නැහෙට සහයෝගයක් දුන්නනං මොකද මං අහන්නේ. වැඩිය ඕනැන්නෙ නෑ. කුරක්කං උන්නැහෙගේ ඉස්ටේජ් එකට නැගල අත ඉස්සරහට දලා ඔය සිරියාවංත හිනාව දැම්මනං ඒ ටිකම ඇති කුරක්කංට දිනන්න. ආයෙ ජේ වී පී ඔනෙත් නෑ, ප්‍රොබකොරං ඔනෙත් නෑ. එහෙම උනානං අදටත් චන්ද්‍රිකා කෙල්ල ගරු කටයුතු විදිහට වැජඹෙනවා විතරක් නෙවෙයි, ටිකක් උස් මහත් උනාම විමුත්ති ගැටයයි යසෝදරා ගැටිස්සියි දෙන්නත් රජගෙදරට යවාගන්නත් තිබුනා. ඒත් ඉතිං මේ ගෑනිගේ තියෙන කුහක කං ලෝකෙටම පෙන්නල නිකං වාතයක් උනානේ, පස්සෙටයි, රටටයි දෙකටම.

රනිල් නොදරුවා

රනිල් නොදරුවා ගැන මතක් වෙන්කොට නං පපුව හෝස් ගාල පත්තු වෙනවා. කොච්චර උනත් ඉතිං වැදගත් පවුලක ඉලංදාරියෙක් නෙව. එලවනකං ඉන්නේ නැතුව නංබුකාරකොමට යන්න තිබ්බනේ හැබෑට. ඒත් දැංනං ඉතිං ඔක්කොටම පරක්කු වැඩියි. ගියත් බැනුං නොගියත් බැනුං. පව් අප්පා.

Tuesday, August 26, 2008

තිරිකුනාමලේ කැරකුන රූං පෙති

ඕං ඉතිං දැං ආයෙත් සැරයක් ඔය සාම කාරයින්ට කියන්න පුලුහං කිලිනොච්චිය අල්ලන එක බොරු, කොටියා එදාටත් වඩා සත්තිමත් කියලා. ඔය උඩිං ඇවිත් හොල්මං කොලාට බයවෙයි අපේ කුරක්කං ඇත්තො. කොටියගේ එව්වා උඩ ඉඳලා බිමට වැටෙන්නත් ඉස්සර කිලිනොච්චි කැලේ මැදට කොච්චරනං ඇතෑරියාද අපේ අය? කොටියගේ රූං පෙත්ත වට්ටන්න බැරි උනේ ඇයි කියල අහයි දැං. වට්ටන්න පුලුහං. ඒත් උන්නැහැට ඔනෑ ඕක ජීවග්‍රහයෙං අල්ලගෙන, මොන ඇං ජී ඕ එකෙං එවපු එකක්ද කියලා බලාගන්නයි. ඊට පස්සේ ඒ ඇං ජී ඕ කාරයංව ප්‍රොසිද්දියේ උල තියන්න පුලුවන්නේ ආයුබෝං.

වඳුරු කුරක්කනුයි කුරක්කං වඳුරයි



ඕං බලාපල්ලකො මේ ප්‍රොබාකොරංගේ කඩප්පුලි අසමජ්ජතියෝ කරන දේවල්. කොච්චර අසික්කිත වැඩක්ද කොරලා තියෙන්නේ මේ වීඩියෝ එකෙං? හොඳ වෙලාවට ඉතිං කුරක්කං උන්නැහේ අර පේමදාස මහත්තයා වගේ කලබොල වෙන්නෙ නෑ. නැත්තං ඉතිං මේ අසම්මජජාතියාට ටයර් සෑයේ පිහිට තමයි ඕං. නෑ මං අහන්නේ ඔය කොම්පියුටර් තියෙන්නේ ඔය වගේ කැත වැඩ කොරන්නද? ඔය අසමජ්ජාති වැඩේ කරපු එකා තමා නියම වඳුරා.

ආනන්දවර්දන, සෑම්, අමු මිරිස්, සිංහල බ්ලොග් කරුවෝ සහ ඩනිශ්ක ගැටයා

අනේ ඉතිං මං ඩොනල් ගොය්යට ටිකක් මෙව්ව එකක් තියෙනවා කියලා ලියපු නිසා සිංහල බ්ලොග් කරුවෝ මාත් එක්ක හිත් අමනාප කොරගන්න ඕන්නෑ ඕං. සිංහල බ්ලොග් ලියන කාරනා කාරනා තේරෙන මොලේ තියෙන ආනන්දවර්දන මහැත්තං වගේ අයයි, සෑම් මහැත්තං වගේ අයයි, අමු මිරිස් ගොය්ය වගේ අයයි වගේම ඉතිං ඔහේ තරුණ මදේට ලියන ඉලංදාරියො ගැටිස්සියො ටිකකුයි ඉන්නවා තමයි. මමනං ඕං උඹලා කා එක්කවත් අමනාපයක් නෑ. අපි ඉතිං පරන මිනිස්සු නොවැ. මේ විසේකාර කොල්ලො කෙල්ලො ටිකත් ඉතිං කාරනා කාරනා තෙරුං අරං ලියනවනං තමයි හොඳ. නැත්තං ඉතිං අර ඩනිශ්ක ගැටයා වගේ ඔක්කොගෙම ඔලොක්කුවට ලක් වෙයි මයෙ හිතේ. මං නං කැමති නෑ ඩනිශ්ක ගැටයටත් මෙහෙම ඔලොක්කු කොරනවට ඔක්කොම. තාම කජු කිරි කොල්ලො නෙව. ඌට ඉතිං ගිහාං කාරයා වගේ වසංත ගොය්ය වගේ කට්ට කයිරාටික වෙට්ට පිත්තල කං තේරෙන්න කල් යාවි නොවැ.

මංකොල්ල නැති, දූසන නැති, බය කිරීං නැති, මැරකං නැති, බලපෑං නැති පිරිසුදු චංදයක්

මේ නහින දෙහින කාලේ මටත් හිතෙන දේවල් ඕං. මටත් හිතුනා ඔඹලගේ ජනමතය විමසා බලන්න. නිදහසිං පසු බිහිවූ හොඳම ලොකු තැන කවුද කියලා හොඳට හිතලා බලලා, වෙන අය හොඳ උනත් ඉතිං මේ වෙලාවේ ජාතික වැදගත්කොම ගැන හිතලා, අපේ කුරක්කං උන්නැහේගෙ නමට ඉස්සරහිං තියෙන බොත්තම එබුවනං.

ඩී එස් උන්නැහැ
ඩඩ්ලි කොලුවා
බංඩාරනායක උන්නැහැ
ජෝං ගොය්යා
සිරිමාවෝ ලමාතැනී
ජේ ආර් උන්නැහැ
පේමදාස මහත්තයා
චන්ද්‍රිකා කෙල්ල
රනිල් නොදරුවා
කුරක්කං උන්නැහැ

කිලිනොච්චි ඇල්ලිල්ල

මං කියන්නේ නෑ කුරක්කං උන්නැහේයි අය්යලා මල්ලිලා ටිකයි කොරන වැඩ ඔක්කොම හරි කියලා. ඒත් ඉතිං ජේ. ආර්. උන්නැහේටත් බැරි උන, ප්‍රේමදස මහත්තයාටත් බැරි උන, චන්ද්‍රිකා කෙල්ලටත් බැරි උන දෙයක්නේ වන්නිය සුද්දෙටම සුද්ද කරන්න. දැං ඉතිං ඒ ටිකත් ඉවරෙටම කොරන්න හදන හංදා ඉතිං කුරක්කං උන්නැහැගේ දෑත් සක්තිමත් කොරන එක අපි ඔක්කොගෙම යුතුකම. නැද්ද මං අහන්නේ. මං උන්නැහේට කඩේ යනවා කියලා කියයි දැං. නෑ මං කියන්නෙ බොරුද? මේක ඉතිං දෙතුං ගොල්ලකට බෙදාගන්න ඉඩක් තියෙන දේශයක් නෙවෙයිනේ බොලං. අපි කවුරුත් සමාදනෙං ඉන්න ඔනැ තැනක් නෙව.

අප්පුඩි පුඩි පුඩිත්තා ආයෙත් පරාදයි

අපි කිව්වේ නැද්ද ඔය කොයි ෂොට් ආවත් අපේ එවුං මේ වෙලාවේ කුරක්කං උන්නැහැගේ දෑත් සත්තිමත් කොරනවා කියලා? මටනං දුක හිතෙන්නේ නලු බට්ටා ගැනවත්, නාඳුනන සොල්දාදුවා ගැනවත් නෙවෙයි ඕං. අප්පුඩි පුඩි පුඩිත්තා ගැනයි. උන්නැහැ ඒරොප්පෙට හරි ගිහිල්ලා හරියට අප්පුඩි ගහන්න ඉගෙන ගත්තනං චංදයක් දෙකක් දිනාගන්න තිබුනා. යූ එං පී එකේ ඉතිං හිටියේ ප්‍රොතාපවත් නායකයො නෙව. මේ වගේ කෝලං නෙවෙයිනේ. හිටපු ලොක්කොනං අප්පුඩි විතරක් නෙවෙයි අනෙක් එව්වත් හරියට ගැහැව්වා කියලයි අපිට ආරංචි. හොක් හොක් හොක්. මුන්නැහැට ඉතිං මොකක්කත් බෑ නෙව. පවු කියලත් හිතෙනවා ඕං.

ඩොනල් ගොය්යා

මේ ඩොනල් ගොය්යා අතාරිනෙත් නෑ වගේ බොලං. මටත් ඉතිං ඇබිංදක් විතර උන්නැහැ ගැනත් මෙව්වා එකක් තියෙනව ඕං. ඒ කාලේ හිටපු ජෝං කොතලාවල ගොය්යා වගේම තමයි ඉතිං. ආයෙ කිව්වොත් කිව්වා. සක්කරයටවත් නවත්තන්න පුලුහං යෝදයෙක් නෙවෙයි ඕං. ඔච්චර මඩ ගහද්දිත් අතිං වියදං කොරගෙන කොරයියැ වෙන කෙනෙක්නං.

ලොකුම තැනිං උන්නැහැට ලියුං කරදහියක් ආවා කියලනං උන්නැහැ ලියල තිබ්බා. ඒත් ඉතිං අපි නොදන්නවයැ ලොකු තැන්වල රඟේ. ඔව්වා මායිං නොකර තමුංට කොරන්ඩ පුලුවං හරිය කොලාම ඇතිවෙයි මයෙ හිතේ. අපිට ඉතිං ඔය යුනිකෝඩ් එව්වා තේරෙනවා කියලයැ ආයිබෝං.

දෙඤ්ඤං බැටේ - ආයෙත් ඔංලයිං

ඉස්සරත් මේ නමිංම බ්ලොග් අඩවියක් තිබුනා මතකයි. ඒත් ඒක මකලා දාලා. ඒ හංදා ඔන්න මටත් හිතුනේ නැතැයි ඒ නමින්ම අයෙත් බ්ලොග් අඩවියක් පටන් ගන්න. මේ ගූග්ල් කාරයො ඉතින් මකපු නමක් ආපහු ගන්න ඉඩ දෙන්නෙ නැති නිසා මම ඩොමේන් එක ඩිංගක් වෙනස් කරලා ගත්තේ.

මුල් බ්ලොග් එක ඉතිං අපේ කුරක්කන් උන්නැහේගෙ දෑත් ශක්තිමත් කරන්න හදපු එකක්නේ. (මම නම් දන්නේ නෑ ඇයි උන්නැහේගෙ දෑත් ශක්තිමත් නැත්තෙ කියලා. ඔන්න ගැටවරයා කාලෙ ඔහොම කිව්වනම් ඉතින් කමක් නැ. දැන් ඉතින් එතුමා පවුල් පංසල් වෙච්චිත් එක්ක. - අප්පේ ඔයවගේ කඩප්පුලි කතා කියලා මටත් සුදු වෑං එකේ යන්න වෙයිද දන්නේ නෑ)

කොහොමින් කොහොමින් හරි ඉතිං මේ බ්ලොග් එකෙන් කෙරෙන්නෙත් උන්නැහේගෙ දෑත් ශක්තිමත් කොරන එකම තමයි. උන්නැහේගෙන් හරි, උන්නැහේගෙ ගෝලබාලයින්ගෙන් හරි ලොකු වැරැද්දක් උනොත් ඉතිං අර දෙරණ රූපවාහිනියෙ වගේ, දිවයින පත්තරේ වගේ චුට්ටක් බැනලා, පස්සේ ගොඩක් හොඳ කියනවා.

හැබැයි ඉතිං මං මේ බ්ලොග් එකෙන් දේසපාලනේ ගොඩක් කතාකරන්නේ නෑ. යන්තම් පොඩි තල්ලුවක් දෙනවා විතරයි.

හැබැයි ඕං බඩු මිල ඉහළ ගියොත් එහෙම ඉස්සර වගේම කියනවා, "අරක වැඩි උනා. මේක වැඩි උනා. හොඳ වැඩේ ජනතාවට" කියලා.