Tuesday, August 26, 2008

තිරිකුනාමලේ කැරකුන රූං පෙති

ඕං ඉතිං දැං ආයෙත් සැරයක් ඔය සාම කාරයින්ට කියන්න පුලුහං කිලිනොච්චිය අල්ලන එක බොරු, කොටියා එදාටත් වඩා සත්තිමත් කියලා. ඔය උඩිං ඇවිත් හොල්මං කොලාට බයවෙයි අපේ කුරක්කං ඇත්තො. කොටියගේ එව්වා උඩ ඉඳලා බිමට වැටෙන්නත් ඉස්සර කිලිනොච්චි කැලේ මැදට කොච්චරනං ඇතෑරියාද අපේ අය? කොටියගේ රූං පෙත්ත වට්ටන්න බැරි උනේ ඇයි කියල අහයි දැං. වට්ටන්න පුලුහං. ඒත් උන්නැහැට ඔනෑ ඕක ජීවග්‍රහයෙං අල්ලගෙන, මොන ඇං ජී ඕ එකෙං එවපු එකක්ද කියලා බලාගන්නයි. ඊට පස්සේ ඒ ඇං ජී ඕ කාරයංව ප්‍රොසිද්දියේ උල තියන්න පුලුවන්නේ ආයුබෝං.

No comments: