Tuesday, August 26, 2008

අප්පුඩි පුඩි පුඩිත්තා ආයෙත් පරාදයි

අපි කිව්වේ නැද්ද ඔය කොයි ෂොට් ආවත් අපේ එවුං මේ වෙලාවේ කුරක්කං උන්නැහැගේ දෑත් සත්තිමත් කොරනවා කියලා? මටනං දුක හිතෙන්නේ නලු බට්ටා ගැනවත්, නාඳුනන සොල්දාදුවා ගැනවත් නෙවෙයි ඕං. අප්පුඩි පුඩි පුඩිත්තා ගැනයි. උන්නැහැ ඒරොප්පෙට හරි ගිහිල්ලා හරියට අප්පුඩි ගහන්න ඉගෙන ගත්තනං චංදයක් දෙකක් දිනාගන්න තිබුනා. යූ එං පී එකේ ඉතිං හිටියේ ප්‍රොතාපවත් නායකයො නෙව. මේ වගේ කෝලං නෙවෙයිනේ. හිටපු ලොක්කොනං අප්පුඩි විතරක් නෙවෙයි අනෙක් එව්වත් හරියට ගැහැව්වා කියලයි අපිට ආරංචි. හොක් හොක් හොක්. මුන්නැහැට ඉතිං මොකක්කත් බෑ නෙව. පවු කියලත් හිතෙනවා ඕං.

No comments: