Thursday, September 25, 2008

බාන්ඩාගාර ලේකම් ජොබ් එකට සුදුසුම කෙනා

  1. ඇඩ්ඩිං ආරියදාස
  2. රවී වෙට්ටපිත්තලසිංහ
  3. සක්විති රණසිංහ
බාන්ඩාගාර ලේකම් ජොබ් එකට සුදුසුම කෙනා මේ තුං දෙනාගෙං ඔනෙම කෙනෙක් වෙන්න පුලුවං. තවත් සුදුසු අය ඉන්නවනං ලියලා එව්වොත් සංපූර්ණ ලිස්ට් එකම දාන්නං.

Wednesday, September 24, 2008

ඇඩ්ඩිං ආරියදාස

ඇඩ්ඩිං ආරියදාස උන්නැහේ මාටියා රනසිංහව එන්ඩෝස් කොරලා තියෙන්නේ ජනතා සේවෙට කියන්නේ. ගත්තේ පුංචි රුපියල් ලක්ෂයක් විතරලු මාසෙකට. පව් අප්පා. දැං සක්විති කාරයගේ ගැට වලට අහුවුන ඈයෝ ඇඩ්ඩිං ආරියදාසගේ මවුතුමිය මතක්කරනවලු. ඇවිදින පුස්තකාලයක් වූ ඇඩ්ඩිං ආරියදාසට සක්විතිගේ ගැට නොතේරුනා කියනවනං බොරු. උන්දැත් නහින දෙහින කාලේ කීයක් හරි හොයාගන්න බැලුවා මිසක් වෙන මොකුත් ගැන හිතුවේ නෑ වගේ. මමනං කියන්නේ හොඳ වැඩේ ජනතාවට කියලා. මේ වගේ හොරු ලඟ ආයොජනය කොරනවා කියන්නේ හරියට නරියට කුකුල්ලු බාරදෙනව වගේ වැඩක් කියලා තේරෙන්නෙ නැද්ද මං අහන්නේ.

Monday, September 22, 2008

මම මාටියා ගැසීමටම උපන්නෙමි - සක්විති සර්

ඉගැන්වීමටම උපන් සක්විති සර් කාරයා ජනතාවගේ කෝටි 500කුත් අරන් රට පැනලා කියලා ආරන්චියි. හොඳ වැඩේ ජනතාවට. මේ වගේ හොරුන්ව විශ්වාස කොරනවට. මංනං දැනගත්තා ඔය යෝදයගේ පලවෙනි ඇඩ්ඩටීස්මන්ට් එකෙන්ම.
එතකොට මාටියා සක්විතිව එන්ඩෝස් කොරපු ඇඩ්ඩිං ආරියදාස උන්නැහැ දැං කොහොමද පාරේ බැහැලා යන්නේ රෙදිත් ඇඳගෙන?

අපේ රටේ ඉන්න ගොං රැලත් මේ වගේ කයිරාටිකයන්ට රැවටිල හැදෙන එවුනුත් නෙවෙයි ඕං. සිය පාරක් උනත් එකාටම රැවටෙයි.

Sunday, September 21, 2008

චතුර්වේදි පැංචා



මම කොටුවේ ඉස්ටේසම ඉස්සරහා උන්නා බස් එකක් එනකල්. එතකොට ඇහුනේ නැතෑ කිෂෝර් කුමාර්ගේ ඒ කාලේ හුරු පුරුදු සිංදුවක් කොලු පැංචෙක්ගෙ හඬින්. කොහෙන්ද හඬ ආවේ කියල බලද්දි මිනිස්සු රංචුවක්ම ටී වී එකක් ඉස්සරහ හරියට කිරිකොට් මැච් එකක් බලනව වගේ බලනවා. ලං කරලා බැලින්නම් මේ සිංදුව කියන්නේ ඉංදියාවේ කොලු පැංචෙක් නෙව. මගේ අප්පේ සිරියාව මූනේ තියෙන. දෙනෝදාහක් ඉස්සරහා සිංදු කියනවා ලොකු මිනිහෙක් වගේ. මමත් ඉතිං බස් එකත් පහු වෙනකල් බලං හිටියා කොලු පැංචගෙ හපංකං. අනේ වාසනාවං. පස්සේ තමයි දැක්කෙ මුලු කොටුව පිටකොටුව පුරාම ඒ පැංචාගෙයි තව ඒ වගේම දස්ස පැංචො පැංචියංගේ සිංදු හැමතැනම දාල තියෙන බව. බස් කාරයොත් බස් නවත්තාගෙන බලනවා. කොංදොස්තරලාට ටිකට් කඩන්න අමතක වෙනවා. සීඩීත් හරි හරියට විකිනෙනවා. මමත් එකක් ගත්තා ඉතිං අපේ මුනුබුරාගේ කොම්පියුටරයට දාල බලන්න.

Thursday, September 18, 2008

කෝලං

අර ජයසුන්දර කාරයා ඉතුරුවෙලා තිබ්බ නංබුව තියාගෙන යන්න හදනකොට කුරක්කං උන්නැහැ යන්න දුන්නෙ නෑ. අංතිමට ජයසුන්දර කාරයා ගියෙ බලුවෙලා. අනේ මංදා. කුරක්කං උන්නැහැටත් ටිකක් වයර් මාරුවෙලා වගේ දැං. මිනිස්සුනං ඉතිං ඉඳියි යුද්දෙ ඉවරවෙනකල්. ඊට පස්සෙ උන්දැව ගෙදර යවයි මෙහෙම කෝලං කොලොත්නං.

Wednesday, September 3, 2008

මරවින් ආචාරියාට නිසිතැන














මරවින් ආචාරියාට නිසිතැන දුන්නෙ නෑ කියලනෙ ඔය රූප පෙට්ටියටත් කඩාගෙන වැදිලා ලොකු කලබැගෑනියක් කොලේ. හැබැයි ආචාරියාට නිසිම තැන දීලා තියෙනව ඕං ලංකාදීපෙ පියල් උදය ස්මරවීර උන්නැහැ. උන්නැහැ විතරයි ආචාරියා නියමෙටම අඳින්නෙ ඕං.

Tuesday, September 2, 2008

ලාෆුත් ගෑස් පෙන්නයි. හොඳ වැඩේ ජනතාවට

බෝදිසත්තයා වගේ ඉඳලා ඉඳලා, ලාෆ් කාරයත් වැඩි කොලා නොවැ ගෑස්. අනේ මංදා. ආයෙත් ගෑනුංට අලු ගාගෙන ලිබ්බොක්කෙ තපින්න වෙයි ඕං. මෙහෙමෙ ගියොත්නං.

ඕං බලාපල්ලා කුරක්කං උන්නැහැගේ දෑත් සත්තිමත් කොරන හැටි