Wednesday, September 24, 2008

ඇඩ්ඩිං ආරියදාස

ඇඩ්ඩිං ආරියදාස උන්නැහේ මාටියා රනසිංහව එන්ඩෝස් කොරලා තියෙන්නේ ජනතා සේවෙට කියන්නේ. ගත්තේ පුංචි රුපියල් ලක්ෂයක් විතරලු මාසෙකට. පව් අප්පා. දැං සක්විති කාරයගේ ගැට වලට අහුවුන ඈයෝ ඇඩ්ඩිං ආරියදාසගේ මවුතුමිය මතක්කරනවලු. ඇවිදින පුස්තකාලයක් වූ ඇඩ්ඩිං ආරියදාසට සක්විතිගේ ගැට නොතේරුනා කියනවනං බොරු. උන්දැත් නහින දෙහින කාලේ කීයක් හරි හොයාගන්න බැලුවා මිසක් වෙන මොකුත් ගැන හිතුවේ නෑ වගේ. මමනං කියන්නේ හොඳ වැඩේ ජනතාවට කියලා. මේ වගේ හොරු ලඟ ආයොජනය කොරනවා කියන්නේ හරියට නරියට කුකුල්ලු බාරදෙනව වගේ වැඩක් කියලා තේරෙන්නෙ නැද්ද මං අහන්නේ.

No comments: