Thursday, January 15, 2009

උපක්‍රමසීලී පසුබැසීම

ප්‍රොබාකොරං ගොය්යා මාවිල් ආරු ඉඳන් උපක්‍රමසීලීව පසු බසිනවා. මෙහෙම ගිහිං ගිහිං ඉතිං මුලතිව් මුහුදටම පසු බහින්න තම්යි වෙන්නේ. එහෙම නැත්තං ඉතිං සදාං හුසේං ගොය්යා වගේ බිංගේක අශූචි ගොඩේ ලගින්න වෙය්. දැංවත් එලියට පහලියට ඇවිල්ලා ජාමේ බෙරගත්තොත් තමය් හොඳ. උන්දැට කෙසේ වෙතත් ඔය ඉන්න අනිත් ගැටවුංටවත් පුනරුත්තාපනය වෙලාවත් ගෙදර යන්න පුලුහං වෙය්නේ....

Wednesday, January 14, 2009

අමිතාබ් බච්චං ගොය්යත් ඕං බ්ලොග් එකක් පටං අරං

















අමිතාබ් බච්චං ගොය්යත් ඕං බ්ලොග් එකක් පටං අරං නහින දෙහින කාලේ. මහා ප්‍රතාපවත් නලුවෙක් වෙලා ඉඳලා ඊට පස්සෙ දත් කුඩු දැන්නීම් වල්ට හිටං පෙනී හිටියෙ උන්නැහැ බංකොලොත් වුන හිංදා වෙන්නැති මයෙ හිතේ.. බ්ලොග් එකේනං තියෙන්නෙ උන්නැහැගේ ඉලංදාරි කාලේ පොටො ටිකක්... http://bigb.bigadda.com/

ආරස්සක වෙබ්සයිට්ටෙක

ආරස්සක වෙබ්සයිට්ටෙකේ කියන්නෙ නං අතන ඇල්ලුවා, මෙතන ඇල්ලුව කියලා, ඒත් සිතියම ඔබපුවම පේන්නෙනං සතියකට විතර ඉස්සර අල්ලපු කෑලි... සිතියම අඳින්නම මිනිහෙක් ගත්තත් පාඩු නෑ නොවැ මේ වෙලාවෙ....

ඩිලාං සහ රාජිත

යුද්දෙට විරුද්දය් කිය කියා ගියපු ඩිලාං ගොය්යයි රාජිත ගොය්යයි දෙන්නම දැං දැං නලිං ද සිල්ව ගොය්යටත් වඩා යුද්දෙ හොඳය් කියනවනේ. අනේ හැබෑටම මෙහෙමත් නාටක....

මෙහෙම ගියොත් ප්‍රොබාකොරං ගොය්යත් කියය් මාත් විරුද්දයි ඕං කියලා...

Thursday, January 8, 2009

ලසංත - ගමනක නිමාව

ලසංත කියන්නෙ මේ රටේ බිහිවුන පක්ෂග්‍රාහිම පත්තර කරයා වෙන්න පුලුහං. උන්නැහැ තමුංට අල්ලන්නෙ නැති කෙනාගේ පිංතූරයක් උනත් දාන්නේ එක්කො කට ඇදවෙච්ච එකක්. නැත්තං නිංද ගියපු, තරහ ගියපු වෙලාවක ගහපු එකක්. ඒත් රනිල්ගෙ පිංතූර දානකොට උන්නැහැ ඉලංදාරි කාලේ ගහපු ලස්සන එකක් තමයි දාන්නේ. ලියන කරුනු කාරනා ගත්තත් එහෙමම තමයි. ඒත් ඉතිං වෙඩි උංඩෙකිං ජීවිතේ අවසං වෙච්ච එකනං වැරදියි. තව ටික කලක් ගියානං ජනතාව අතිංම ප්‍රතික්ෂේප වෙනවා.