Saturday, March 14, 2009

රිවිරයි සිංහල යුනිකෝඩුයි

සිංහල යුනිකෝඩ් මෙච්චර දියුනු කාලෙක රිවිර පත්තරේ මෙහෙම දාන්නෙ ඇයි හැබෑටම?
ලක්බිමත් ඔහොමම තමයි. සුවර් එකටම රිවිරයි ලක්බිමයි දෙකම ඩොනල්ඩ් ගොය්යගේ වෙන්න ඇති.

Please use Internet Explorer web browser to read www.rivira.lk. No need to download any Sinhala font. 'Isiwara' Sinhala font only supports Internet Explorer web browser. Do not use other web browsers to read www.rivira.lk. Sorry for the inconvenience.
For further inquiries please call:

Sunday, March 8, 2009

කොතලාවල ලොක්කා

අනේ අපොය්! ජාතියේ පිනට පහලවූ මහා දානපතියෙක් කියලා තමංම කියාගත්තු කොතලාවල උන්නාන්සේ දැං රිමාන්ඩ් හිරගෙදර තපිනවා. තව ටික කාලෙකිං මහ උලු ගෙදරත් තපින්න වෙයි. ගමක් ගමක් ගානේ - නගරයක් නගරයක් ගානේ මහා වීර ප්‍රොතිරූපයක් ගොඩ නගාගන්න හැදුවෙ අනුන්ට ගිනි ගෙඩි දීලා ගත්තු සල්ලි කියලා කවුරුවත් හිතුවෙ නැහැනෙ ආයුබොවං. ඔය වගේ ටයි කෝට් දාගත්ත වැදගත් හොර මහත්තුරු තව කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ. දැන්නං තියෙන කාසි පනං ටික අර ඉස්සර කාලේ වගේ ගේ මුල්ලේ වලක් හාරල දාගන්න එක හොඳයි වගේ - බැංකුවල දානවටත් වඩා. මටනං දැං මහ බැංකුවවත් විස්වාස නෑ ඕං.