Sunday, March 8, 2009

කොතලාවල ලොක්කා

අනේ අපොය්! ජාතියේ පිනට පහලවූ මහා දානපතියෙක් කියලා තමංම කියාගත්තු කොතලාවල උන්නාන්සේ දැං රිමාන්ඩ් හිරගෙදර තපිනවා. තව ටික කාලෙකිං මහ උලු ගෙදරත් තපින්න වෙයි. ගමක් ගමක් ගානේ - නගරයක් නගරයක් ගානේ මහා වීර ප්‍රොතිරූපයක් ගොඩ නගාගන්න හැදුවෙ අනුන්ට ගිනි ගෙඩි දීලා ගත්තු සල්ලි කියලා කවුරුවත් හිතුවෙ නැහැනෙ ආයුබොවං. ඔය වගේ ටයි කෝට් දාගත්ත වැදගත් හොර මහත්තුරු තව කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ. දැන්නං තියෙන කාසි පනං ටික අර ඉස්සර කාලේ වගේ ගේ මුල්ලේ වලක් හාරල දාගන්න එක හොඳයි වගේ - බැංකුවල දානවටත් වඩා. මටනං දැං මහ බැංකුවවත් විස්වාස නෑ ඕං.

1 comment:

said...

හිරගෙදරනම් නෙමෙයි ඉන්නේ. ඔය ලොකු ලොක්කො කාටත් හැදෙන විදිහට රිමන්ඩ් උනගමන් මෙයාටත් අසනීප වෙල ඉස්පිරිතාලෙ තමා ඉන්නේ