Monday, October 6, 2008

මේජර් ජෙනරල් ජානක පෙරේරා සහ නිකංම නිකං ජානක පෙරේරා

මංනං හිතුවේ රණවිරු ජානක පෙරේරා ගැන මිනිස්සු මීට වඩ කතා කරයි, දුක් වෙය් කියලා. ඒත් කවුරුවත් ගනං ගන්නේවත් නෑ වගේ උන්නැහැ. ඇයි එහෙම උනේ? අඩුම තරමිං බ්ලොග් කාරයොවත් එච්චර ලිව්වේ නෑ නොවැ. තව ටිකක් ලියවෙයි එන ඉරිදා පත්තරවල. ඊට පස්සේ අමතක කරලා දායි. මගේ නං පපුව හෝස් ගාල ගියා එතුමා මැරුනා කිව්වම.

Thursday, October 2, 2008

මිහිං එයාර්

ඔන්න යූ ඇං පී එකත් යන්තම් එක මොලේ ඇති වැඩක් කරන්න යනවා. මිහිං එයාර් කෝලමට එරෙහිව උසාවි යනවලු. තිස්ස අත්තනඇටනායකගේ බොරු මාද්ය සාකච්චායි, බොරු පෙස්සං අස්සං කොරන එකයි, පොලේ යන එකයි, හෝං ගහන එකයි නවත්තලා මුල ඉඳංම අලුක්කඩේ පැත්තේ කරග්ගැහුවනං මේ වෙනකොටත් ගොඩක් දේවල් බේරුං කරගෙන.

මහ බැංකුව

ඔක්කොම වැඩ වැරදුනාට පස්සේ මහ බැංකුවට බනිනවා. සක්විති ගොය්යා ළඟ ලක්ෂ ගනන් දාලා දැං කාටවත් බැනලා වැඩක් තියෙනවද? හොර චිත්තරපට නිෂ්පාදකලා ගෑනු දරුවංව අනාත කරන්නෙත් පත්තරවල දැන්වෙම් දාලා බොරු ඉන්ටව් කරලා නෙවද? සක්විතිත් ඉතිං පත්තරේ දැම්මා කියලම ඇය් විශ්වාස කරන්නේ? රුපියල් 1000ක් 2000ක් නං කමක් නෑ. ලක්ෂ 10 - 20 දාද්දි හොයලා බලන්නෙ නැද්ද මෙව්වා හොර පොට්ද නැද්ද කියලා. ඔන්න ඔය සල්ලි අපෙය් බදු මුදල් වලින් පියවන්න ගියොත් අපිත් උසාවි යනවා. මෝඩකමට බෙහෙත් නෑ. මේ සැරේ රැවටුන අය ඊලඟ සැරෙත් රැවටෙනවා.