Wednesday, August 27, 2008

හිලරි නෝනයි - ඔබාමා කොලුවයි

හිලරි නෝනයි ඔබාමා කොලුවයි ගහ ගත්තු ගහ ගැනිල්ලට මංනං හිතුවේ ඉතිං ආයේ පාරෙ තොටේදි හම්බුනත් මූන බලන්නැතිවෙයි කියලා දෙන්නට දෙන්නා. ඒත් දැං ඔබාමා කොලූ දිනවන්න හිලරි නෝනා හරි හරියට මාංසි වෙන හැටි දැක්කම මගේ ඇස්සොලට කඳුලුත් ආවා ඕං. ඔබාමගේ ඉස්ටේජ් එකට නැගලා, හිලරි ලමයා අත උස්සලා ඇමරිකං ජනතාවට කියපු රඟේ කොහොමද පරන කුඩු කේඩුකං අමතක කොරලා රට වෙනුවෙං, පස්සෙ වෙනුවෙං ඔබාමා දිනවමු කියලා.

අනේ ඉතිං චන්ද්‍රිකා කෙල්ලත් ඔයවගේ කුරක්කං උන්නැහෙට සහයෝගයක් දුන්නනං මොකද මං අහන්නේ. වැඩිය ඕනැන්නෙ නෑ. කුරක්කං උන්නැහෙගේ ඉස්ටේජ් එකට නැගල අත ඉස්සරහට දලා ඔය සිරියාවංත හිනාව දැම්මනං ඒ ටිකම ඇති කුරක්කංට දිනන්න. ආයෙ ජේ වී පී ඔනෙත් නෑ, ප්‍රොබකොරං ඔනෙත් නෑ. එහෙම උනානං අදටත් චන්ද්‍රිකා කෙල්ල ගරු කටයුතු විදිහට වැජඹෙනවා විතරක් නෙවෙයි, ටිකක් උස් මහත් උනාම විමුත්ති ගැටයයි යසෝදරා ගැටිස්සියි දෙන්නත් රජගෙදරට යවාගන්නත් තිබුනා. ඒත් ඉතිං මේ ගෑනිගේ තියෙන කුහක කං ලෝකෙටම පෙන්නල නිකං වාතයක් උනානේ, පස්සෙටයි, රටටයි දෙකටම.

No comments: