Tuesday, August 26, 2008

ආනන්දවර්දන, සෑම්, අමු මිරිස්, සිංහල බ්ලොග් කරුවෝ සහ ඩනිශ්ක ගැටයා

අනේ ඉතිං මං ඩොනල් ගොය්යට ටිකක් මෙව්ව එකක් තියෙනවා කියලා ලියපු නිසා සිංහල බ්ලොග් කරුවෝ මාත් එක්ක හිත් අමනාප කොරගන්න ඕන්නෑ ඕං. සිංහල බ්ලොග් ලියන කාරනා කාරනා තේරෙන මොලේ තියෙන ආනන්දවර්දන මහැත්තං වගේ අයයි, සෑම් මහැත්තං වගේ අයයි, අමු මිරිස් ගොය්ය වගේ අයයි වගේම ඉතිං ඔහේ තරුණ මදේට ලියන ඉලංදාරියො ගැටිස්සියො ටිකකුයි ඉන්නවා තමයි. මමනං ඕං උඹලා කා එක්කවත් අමනාපයක් නෑ. අපි ඉතිං පරන මිනිස්සු නොවැ. මේ විසේකාර කොල්ලො කෙල්ලො ටිකත් ඉතිං කාරනා කාරනා තෙරුං අරං ලියනවනං තමයි හොඳ. නැත්තං ඉතිං අර ඩනිශ්ක ගැටයා වගේ ඔක්කොගෙම ඔලොක්කුවට ලක් වෙයි මයෙ හිතේ. මං නං කැමති නෑ ඩනිශ්ක ගැටයටත් මෙහෙම ඔලොක්කු කොරනවට ඔක්කොම. තාම කජු කිරි කොල්ලො නෙව. ඌට ඉතිං ගිහාං කාරයා වගේ වසංත ගොය්ය වගේ කට්ට කයිරාටික වෙට්ට පිත්තල කං තේරෙන්න කල් යාවි නොවැ.

No comments: