Tuesday, August 26, 2008

දෙඤ්ඤං බැටේ - ආයෙත් ඔංලයිං

ඉස්සරත් මේ නමිංම බ්ලොග් අඩවියක් තිබුනා මතකයි. ඒත් ඒක මකලා දාලා. ඒ හංදා ඔන්න මටත් හිතුනේ නැතැයි ඒ නමින්ම අයෙත් බ්ලොග් අඩවියක් පටන් ගන්න. මේ ගූග්ල් කාරයො ඉතින් මකපු නමක් ආපහු ගන්න ඉඩ දෙන්නෙ නැති නිසා මම ඩොමේන් එක ඩිංගක් වෙනස් කරලා ගත්තේ.

මුල් බ්ලොග් එක ඉතිං අපේ කුරක්කන් උන්නැහේගෙ දෑත් ශක්තිමත් කරන්න හදපු එකක්නේ. (මම නම් දන්නේ නෑ ඇයි උන්නැහේගෙ දෑත් ශක්තිමත් නැත්තෙ කියලා. ඔන්න ගැටවරයා කාලෙ ඔහොම කිව්වනම් ඉතින් කමක් නැ. දැන් ඉතින් එතුමා පවුල් පංසල් වෙච්චිත් එක්ක. - අප්පේ ඔයවගේ කඩප්පුලි කතා කියලා මටත් සුදු වෑං එකේ යන්න වෙයිද දන්නේ නෑ)

කොහොමින් කොහොමින් හරි ඉතිං මේ බ්ලොග් එකෙන් කෙරෙන්නෙත් උන්නැහේගෙ දෑත් ශක්තිමත් කොරන එකම තමයි. උන්නැහේගෙන් හරි, උන්නැහේගෙ ගෝලබාලයින්ගෙන් හරි ලොකු වැරැද්දක් උනොත් ඉතිං අර දෙරණ රූපවාහිනියෙ වගේ, දිවයින පත්තරේ වගේ චුට්ටක් බැනලා, පස්සේ ගොඩක් හොඳ කියනවා.

හැබැයි ඉතිං මං මේ බ්ලොග් එකෙන් දේසපාලනේ ගොඩක් කතාකරන්නේ නෑ. යන්තම් පොඩි තල්ලුවක් දෙනවා විතරයි.

හැබැයි ඕං බඩු මිල ඉහළ ගියොත් එහෙම ඉස්සර වගේම කියනවා, "අරක වැඩි උනා. මේක වැඩි උනා. හොඳ වැඩේ ජනතාවට" කියලා.

3 comments:

Anonymous said...

welcome back

Anonymous said...

කොහෙදෑ ගෙහුං හිටියේ බොලං?
සීයා

Anonymous said...

Why don't you buy a domain name. That's the best investment you can make, Then no one can take away your domain name, even if google removes your blog you still own the domain name, so you can take your readers some where else with you.