චංද දිනාගන්න දන්න දහන් ගැට ඔක්කොම ගහන්නේ මෙහෙ විතරයි කියලනේ බොලං අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ. දැං බලාපුවහම ඇමරිකාවෙත් මෙහෙ වාගෙමනේ. ඔබාමා කොලුවා ඉතිං රනිල් වගේම මෝඩ නැති උනත් තවම නොදරුවානේ දේසපාලනේ. ඒ හින්දා ඉතිං ඒ දරුවා තමුංට වඩා කාරනා කාරනා තේරෙන දැනමුතුකං ගන්න පුලුහං ජෝ බිඩෙං වගේ කෙනෙක් තමුංගේ දෙවෙනියා කොරගත්තු එක සාදාරනයි ඕං. ඒත් මං බැලුවෙ මේ කාරනා කාරනා තේරෙන ජෝං මැකේං ගොය්යත් තෝරගත්තෙ නැතැයි ඇහැට කනට පේන කෙලිච්චියක් උන්නැහැගේ දෙවෙනි තනතුරට. නෑ මං අහන්නෙ උන්දැලටත් මෙහෙ වගේම දිනන්න බැරි උනාම නලු බට්ටොයි, පැන්සොං ගිය හමුදා කාරයොයි දාගන්නැහේ වැඩ කොරන්න තරං බංකොලොත්වද්ද? නැත්තං බෙලෙක් තානාපති උන්නැහැ දුන්නද ටිප් එක මෙහෙ වෙන දේවල් බලලා?
ඕං මං කිව්වා. ජෝං ගොය්යට මේ සැරේ නං වෙන කාගේ චන්ද හම්බුනත් ගෙදර මාය්යගෙ චන්දෙනම් ලැබෙනව බොරු. එහෙනං.
Saturday, August 30, 2008
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment