මිනිහ අතාරින්නෙම නෑ වගේ සටන. 14 වෙනි අපේක්සකයා විදියට ජනාදිපතිවරනෙටත් ඉල්ලයිද දන්නේ නෑ.
Tuesday, December 15, 2009
Thursday, October 15, 2009
සිංහල හෝඩියට පේටන්ට් !!!
Wednesday, September 9, 2009
දෙසප්ප්රෙමය
කුරක්කං උන්නැහැ දෙසප්ප්රෙමය ගැන මොනවා කිව්වත් ආයිබෝං මම දැකපු දෙසප්ප්රෙම කාරයෝ දෙගොල්ලක් ඉන්නවා.
1. මොකක් හරි කැපකිරීමක් කල දෙසප්ප්රෙම කාරයෝ
2. නිව්ස් වෙබ්සයිට් වලා අලුත් ගමක් හමුදාවෙං අල්ල ගත්තා කියලා දැම්මම Go Sri Lanka Go Goooooooo... කියල වෙබ් කොම්මෙන්ට් දාලා මහා පුදුමාකාර කැපකිරීමක් කොලා කියලා හිතන ඈයෝ
1. මොකක් හරි කැපකිරීමක් කල දෙසප්ප්රෙම කාරයෝ
2. නිව්ස් වෙබ්සයිට් වලා අලුත් ගමක් හමුදාවෙං අල්ල ගත්තා කියලා දැම්මම Go Sri Lanka Go Goooooooo... කියල වෙබ් කොම්මෙන්ට් දාලා මහා පුදුමාකාර කැපකිරීමක් කොලා කියලා හිතන ඈයෝ
Sunday, August 16, 2009
මස්කඩත් වහනවා
සී බී රත්නායක උන්නැහැ රාවයේ කියන විදිහට ළඟදිම මස් කඩත් වහන්නලු යන්නේ. මස් මාංස නැතිවම බැරි ඈයින්ට ඉතිං වට්ටක්කා කන්නයි වෙන්නේ
Sunday, July 19, 2009
Thursday, May 21, 2009
Sunday, April 5, 2009
අන්තිම සටන
දැං කාලෙක ඉඳලා පත්තරවලය් ටැලිවිසොංවලයි කියන්නෙම අන්තිම සටන ගැන. ඒත් තවම නෑ වගේ බොලල්ලා අංතිම සටන පටන් ගත්තේ. තවමත් අර කඩප්පුලියා දුව දුව ගහනවා වගෙය්නේ.
Saturday, March 14, 2009
රිවිරයි සිංහල යුනිකෝඩුයි
සිංහල යුනිකෝඩ් මෙච්චර දියුනු කාලෙක රිවිර පත්තරේ මෙහෙම දාන්නෙ ඇයි හැබෑටම?
ලක්බිමත් ඔහොමම තමයි. සුවර් එකටම රිවිරයි ලක්බිමයි දෙකම ඩොනල්ඩ් ගොය්යගේ වෙන්න ඇති.
Please use Internet Explorer web browser to read www.rivira.lk. No need to download any Sinhala font. 'Isiwara' Sinhala font only supports Internet Explorer web browser. Do not use other web browsers to read www.rivira.lk. Sorry for the inconvenience.
For further inquiries please call:
ලක්බිමත් ඔහොමම තමයි. සුවර් එකටම රිවිරයි ලක්බිමයි දෙකම ඩොනල්ඩ් ගොය්යගේ වෙන්න ඇති.
Please use Internet Explorer web browser to read www.rivira.lk. No need to download any Sinhala font. 'Isiwara' Sinhala font only supports Internet Explorer web browser. Do not use other web browsers to read www.rivira.lk. Sorry for the inconvenience.
For further inquiries please call:
Sunday, March 8, 2009
කොතලාවල ලොක්කා
අනේ අපොය්! ජාතියේ පිනට පහලවූ මහා දානපතියෙක් කියලා තමංම කියාගත්තු කොතලාවල උන්නාන්සේ දැං රිමාන්ඩ් හිරගෙදර තපිනවා. තව ටික කාලෙකිං මහ උලු ගෙදරත් තපින්න වෙයි. ගමක් ගමක් ගානේ - නගරයක් නගරයක් ගානේ මහා වීර ප්රොතිරූපයක් ගොඩ නගාගන්න හැදුවෙ අනුන්ට ගිනි ගෙඩි දීලා ගත්තු සල්ලි කියලා කවුරුවත් හිතුවෙ නැහැනෙ ආයුබොවං. ඔය වගේ ටයි කෝට් දාගත්ත වැදගත් හොර මහත්තුරු තව කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ. දැන්නං තියෙන කාසි පනං ටික අර ඉස්සර කාලේ වගේ ගේ මුල්ලේ වලක් හාරල දාගන්න එක හොඳයි වගේ - බැංකුවල දානවටත් වඩා. මටනං දැං මහ බැංකුවවත් විස්වාස නෑ ඕං.
Thursday, January 15, 2009
උපක්රමසීලී පසුබැසීම
ප්රොබාකොරං ගොය්යා මාවිල් ආරු ඉඳන් උපක්රමසීලීව පසු බසිනවා. මෙහෙම ගිහිං ගිහිං ඉතිං මුලතිව් මුහුදටම පසු බහින්න තම්යි වෙන්නේ. එහෙම නැත්තං ඉතිං සදාං හුසේං ගොය්යා වගේ බිංගේක අශූචි ගොඩේ ලගින්න වෙය්. දැංවත් එලියට පහලියට ඇවිල්ලා ජාමේ බෙරගත්තොත් තමය් හොඳ. උන්දැට කෙසේ වෙතත් ඔය ඉන්න අනිත් ගැටවුංටවත් පුනරුත්තාපනය වෙලාවත් ගෙදර යන්න පුලුහං වෙය්නේ....
Wednesday, January 14, 2009
අමිතාබ් බච්චං ගොය්යත් ඕං බ්ලොග් එකක් පටං අරං
අමිතාබ් බච්චං ගොය්යත් ඕං බ්ලොග් එකක් පටං අරං නහින දෙහින කාලේ. මහා ප්රතාපවත් නලුවෙක් වෙලා ඉඳලා ඊට පස්සෙ දත් කුඩු දැන්නීම් වල්ට හිටං පෙනී හිටියෙ උන්නැහැ බංකොලොත් වුන හිංදා වෙන්නැති මයෙ හිතේ.. බ්ලොග් එකේනං තියෙන්නෙ උන්නැහැගේ ඉලංදාරි කාලේ පොටො ටිකක්... http://bigb.bigadda.com/
ආරස්සක වෙබ්සයිට්ටෙක
ආරස්සක වෙබ්සයිට්ටෙකේ කියන්නෙ නං අතන ඇල්ලුවා, මෙතන ඇල්ලුව කියලා, ඒත් සිතියම ඔබපුවම පේන්නෙනං සතියකට විතර ඉස්සර අල්ලපු කෑලි... සිතියම අඳින්නම මිනිහෙක් ගත්තත් පාඩු නෑ නොවැ මේ වෙලාවෙ....
ඩිලාං සහ රාජිත
යුද්දෙට විරුද්දය් කිය කියා ගියපු ඩිලාං ගොය්යයි රාජිත ගොය්යයි දෙන්නම දැං දැං නලිං ද සිල්ව ගොය්යටත් වඩා යුද්දෙ හොඳය් කියනවනේ. අනේ හැබෑටම මෙහෙමත් නාටක....
මෙහෙම ගියොත් ප්රොබාකොරං ගොය්යත් කියය් මාත් විරුද්දයි ඕං කියලා...
මෙහෙම ගියොත් ප්රොබාකොරං ගොය්යත් කියය් මාත් විරුද්දයි ඕං කියලා...
Thursday, January 8, 2009
ලසංත - ගමනක නිමාව
ලසංත කියන්නෙ මේ රටේ බිහිවුන පක්ෂග්රාහිම පත්තර කරයා වෙන්න පුලුහං. උන්නැහැ තමුංට අල්ලන්නෙ නැති කෙනාගේ පිංතූරයක් උනත් දාන්නේ එක්කො කට ඇදවෙච්ච එකක්. නැත්තං නිංද ගියපු, තරහ ගියපු වෙලාවක ගහපු එකක්. ඒත් රනිල්ගෙ පිංතූර දානකොට උන්නැහැ ඉලංදාරි කාලේ ගහපු ලස්සන එකක් තමයි දාන්නේ. ලියන කරුනු කාරනා ගත්තත් එහෙමම තමයි. ඒත් ඉතිං වෙඩි උංඩෙකිං ජීවිතේ අවසං වෙච්ච එකනං වැරදියි. තව ටික කලක් ගියානං ජනතාව අතිංම ප්රතික්ෂේප වෙනවා.
Subscribe to:
Posts (Atom)